2011 වසරේ වලස්මුල්ල ප්‍රදේශයේ මංගල සාදයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බ්නධයෙන් වරදකරු වූ විත්තිකරුවන් තිදෙනකුට තංගල්ල මහාධිකරණය විසින් ඊයේ (27) මරණ දඬුවම නියම කළේය.
එමෙන්ම 2008 වසරේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනෙකුට ද කොළඹ මහාධිකරණය ඊයේ මරණ දඬුවම නියම කර තිබුණි.
