හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලිමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජාතික රෝහලට ගිය බවට ප්‍රචාරය වන ප්‍රවෘත්තිය අසත්‍ය බවට පවසමින් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව එම දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට ඊයෙ (27) කරුණු වාර්තා කර තිබෙනවා.
අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගෙන් සහ ඇයගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.
අගමැතිනියගෙන් හා ඇගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අවශ්‍ය වුවහොත් ජාතික රෝහලේ කැමරා දර්ශන ද පරීක්ෂා කිරීමට අවසර දීමට හැකියාව ඇති බවද අධිකරණය පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට අගමැතිනිය ගිය බවට පළවූ පුවත අසත්‍ය බවත් ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙසත් ඉල්ලමින් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින් කරන ලද පැමිණිල්ලක් මත රහස් පොලිසිය මෙම විමර්ශන සිදු කරයි.
