Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධිකරණ පරිශ්‍රයේදී පොලිස් නිලධාරියාට බෝතලයකින් පහරදුන් නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

1 year ago

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්, කළුතර හිටපු නාගරික මන්ත්‍රී දනුක හෙට්ටිආරච්චි යන අයව සැප්තැම්බර් 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය 26 වැනිදා වාර්තා වූ මෙම සිදුවීමෙන්, අදාළ පොලිස් නිලධාරියා හට තුවාල සිදුව තිබුණා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.