Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චාමර සම්පත්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට නියෝග

1 year ago

ඌව පළාත් සභාව නමින් රාජ්‍ය බැංකුවල පවත්වාගෙන ගිය ස්ථාවර ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ පැමිණිලි දෙකක් ජනවාරි 23 දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද දින නියම කළේය.

ඇප මත සිටින චාමර සම්පත් දස නායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසුව අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ ලේඛන සම්බන්ධයෙන් වන රස පරීක්ෂක වාර්තා තවමත් ලැබී නොමැති බවය.

ඒ අනුව ලේඛන වාර්තා කැදවීමට සිහිකැඳවීමක් යොමු කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහේත්‍රාත්වරයා පැමිණිරු විභාගය ජනවාරි 23 තෙක් කල් තැබීය.