සිය පෞද්ගලික විදේශ සංචාරයක් වෙනුවෙන් මහජන මුදල් රුපියල් ලක්ෂ 160 කට ආසන්න මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඇප මත නිදහස්ව සිටින අතර, ඔහු විසින් සිදුකර තිබෙන ආකාරයේ මහජන මුදල් අවභාවිතා කිරීමක් මීට පෙර ධූරය දැරූ අනෙකුත් ජනාධිපතිවරු විසින් ද සිදුකර තිබේද යන්න පිළිබදව සොයා බැලීමට රජය සූදානම් බව ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවත ලෙස වාර්තා කරයි.
හිටපු ජනාධිපතිවරු ඔවුන්ගේ විදේශ සංචාර අතරතුර මහජන මුදල් අවභාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ නම්, ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අනුව, විමර්ශන ආරම්භ කරන බව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පුවත්පත සමග පවසා තිබේ.
