පොලිස් නිලධාරීන්ට යකඩ පොල්ලකින් පහරදීමට සූදානම් වූ සැකකරුවෙකු පාලනය කිරීමට පොලීසියෙන් අහසට වෙඩිතබා ඇතැයි අලුත්ගම පොලීසිය පවසයි.
දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති අතර, එහිදී, එක් සැකකරුවෙක් යකඩ පොල්ලක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරියකු තමා සතු රිවෝල්වරයෙන් අහසට වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ආරවුල පාලනය කළ පොලිස් නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පැවසීය.
අලුත්ගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.
