එක්සත් ජනපදයට කරන අපනයනය මත, ඇතැම් රටවලට අදාලව පනවා තිබෙන අන්‍යෝන්‍ය තීරු බදු අනුපාත නීති විරෝධී බව, එක්සත් ජනපද අභියාචනාධිකරණයක් (එක්සත් ජනපදය තුළ අභියාචනාධිකරණ 11 ක් හෝ ඊට වඩා වැඩි ගණනක් තිබේ.) තීන්දු කර තිබේ.
අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් ට්‍රම්ප් පරිපාලනයට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාම සඳහා ඔක්තෝම්බර් 14 වනදා දක්වා කාලය ලබා දී තිබේ.
ඊට කාලය ලබා දෙමින් අභියාචනාධිකරණ තීන්දුව බලාත්මක වීම ඔක්තෝබර් 14 වන දා දක්වා කල්තබා තිබේ.
අභියාචනාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය දැඩි අප්‍රසාදය පළකරයි.
කෙසේවෙතත් ට්‍රම්ප් සඳහන් කළේ, පනවා ඇති තීරුබදු ඉවත් කළහොත් එමගින් අමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වනු ඇති බවයි.
