Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ රංගනයට අදළ නීතිපති උපදෙස් කඩිනමින් ගන්නැයි සීඅයිඩීයට නියෝග

1 year ago

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට  වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළ නීතිපති උපදෙස් කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් පී. එච්. ඩබ්. ඩී. එල්. සමරසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (29) නියෝග කළා.

අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය යළි කැඳවූ අවස්ථාවේදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළ විමර්ශන උදෘත ඉකුත් පෙබරවාරි මස 17 වැනිදා නිතිපති උපදෙස් සදහා ඉදිරිපත් කළ බවයි.

එම උපදෙස් මෙතෙක් ලැබී නැතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධියේ සැකකාර අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රංජිත් රාජකරුණා පැවසුවේ මෙම නඩුවට අදාළ නීතිපති උපදෙස් දීර්ඝ කාලයක් ගත තුරුත් නොලැබීම මත සිය සේවාදායකයාට විශාල අගතියක් සිදුව ඇති බවයි.

උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට පෙර සැකපිට  අත් අඩංගුවට ගත්  හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම රිමාන්ඩ් බාරයට පත් කර පසුව ඇප මත මුදා හැර සිටියි.