සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී හමුවී ඇත.
මෙම මළසිරුර මුහුදු වෙරළේ ශාරිරික අභ්‍යාසවල නිරතවී සිටි පියෙක් සහ දියණියක් විසින් දැක තිබේ.
එහිදී ඔවුන් 119 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම් දී ඇත.
ඒ අනුව පොලිසිය විසින් මළසිරුර පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මළසිරුරේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැහැ.
සිරුර මුනින් අතට තබා හිස වැලිවලින් වසා ඇති බවත් මුහුදු වෙරළේ ගිල්වා ඝාතනය කල බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවල දී හැගීයන බවත් දකුණු කළුතර පොලීසිය පවසනවා.
වයස අවුරුදු 55 60 අතර වයසේ පසුවන අයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවට සැකකරන බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂන ක්‍රියාත්මකයි.
