දුම්රිය හරස් මාර්ගයක සිදුකරන නඩත්තු කටයුක්තක් හේතුවෙන් සැප්තැම්බර් මස 05 වනදා සිට 07 වනදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ටිකිරි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රිය දෙක එම දින තුන තුළ පේරාදෙණිය සහ මහනුවර අතර ධාවනය නොවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව ටිකිරි මැණිකේ දුම්රිය, නානුඔයේ සිට පේරාදෙණිය හරහා කොළඹ කොටුව දක්වා ධාවනය වන අතර උඩරට මැණිකේ දුම්රිය කොළඹ කොටුවේ සිට පේරාදෙණිය හරහා බදුල්ල දක්වා ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, එම දුම්රියවලින් ගමන් පහසුකම් සළසා ගැනීම සඳහා මහනුවර දුම්රිය ස්ථානය වෙත පැමිණෙන මගීන්ට බස් රථ මගින් පේරාදෙණිය දක්වා ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැළසීමට පියවර ගන්නා බවයි
