Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

1 year ago

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් ලබන 06 වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඵදිනට යෙදී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර උත්සවයේදී රනිල් වික්‍රමසිංහ විසින් මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතව තිබෙන බවද වාර්තා වනවා.

වර්තමානයේ රට හමුවේ පවතින අභියෝග ඇතුළු කරුණු කාරණා රැසක් මෙම විශේෂ ප්‍රකාශයට ඇතුළත් කිරීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් දැනට විවේකී සුවයෙන් නිවසට වී ගත කරන රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ සෙසු ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කරමින් සිටින බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙනවා.