අගෝස්තු පළමුවනදා සිට 27 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයන් 178,969 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙනවා.
මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැමිණි සංචාරකයන් 164,609ට වඩා ඉහළ අගයක්.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හත තුළම සංචාරක පැමිණීම සෑම මාසයකම පාහේ ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දෙනවා.
මෙම වසරේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි මාසයේදී.
2025 අගෝස්තු 1 සිට 27 දක්වා කාලය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. ඉන්දියානු සංචාරකයන් 41,580ක් පැමිණ ඇති අතර එය සමස්ත සංචාරක පැමිණීම්වලින් 23.2%ක ප්‍රතිශතයක්.
දෙවැනි සහ තෙවැනි ස්ථානවල පිළිවෙලින් එක්සත් රාජධානිය (18,432) සහ ඉතාලිය (11,869) රැඳී සිටිනවා.
