Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිමල් ලංසා සිරබත් කන්න බෑ කියයි

1 year ago

බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබාදෙන්නැයි ඉල්ලීමක් සිදු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළා.

ඊයේ (30) පස්වරුවේ එම ඉල්ලීම සිදු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව තීරණයක් ගැනීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ය.

පෙරේදා (29) අත්අඩංගුවට ගත් නිමල් ලන්සා මහතා, ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

2006 පළාත් පාලන ඡන්දය පැවති කාලසීමාවේ මීගමුව උප නගරාධිපති සුනිල් විල්බට් පෙරේරා මහතාගේ නිවසකට පහරදී අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන්, ඔහුට චෝදනා එල්ල වේ.