Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැලේසියාවට නීති විරෝධීව ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් කොටු වෙයි

1 year ago

ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනෙකු මැලේසියා සහ තායිලන්ත දේශසීමා හරහා මැලේසියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී, එරට දේශසීමා පාලන සහ ආරක්ෂණ ඒජන්සිය විසින් ආපසු හරවා යවා තිබෙනවා.

මෙම පිරිස අතර ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු, ශ්‍රී ලාංකික කාන්තාවක් මෙන්ම තායිලන්ත ජාතික කාන්තාවන් 3 දෙනෙකු ද සිට ඇති බවයි වාර්තා වන්නේ.

වලංගු වීසා බලපත්‍ර නොමැතිවීම, අවශ්‍ය රැඳී සිටීමේ කාල සීමාවන්ට අනුකූල නොවීම සහ සැක සහිත සංචාරක අරමුණු හේතුවෙන්, ඔවුන්ට එම දේශසීමාවෙන් මැලේසියාවට ඇතුළු වීමට අවස්ථාව හිමි වී නොමැති බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.