හෙට දින එනම්, සැප්තැම්බර් 1 වන දින සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල, ඉදිරිපස සහ පසුපස යන සියලුම ආසනවල සිටින මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇතැයි ජාතික මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ සභාපතිවරයා පවසනවා.
එමෙන්ම, ආසන පටි නොමැති වාහන සඳහා, ඒවා සවිකර ගැනීම සඳහා මාස 3ක සහන කාලයක් ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
