Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිල සංශෝධනය හමුවේ බස් ගාස්තු ගැන ගත් තීරණය

1 year ago

සංශෝධිත ඉන්ධන මිල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව  ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා.

ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සැප්තැම්බර් මාසයට අදාලව සිපෙට්කෝ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවුණා.

ඒ අනුව, රුපියල් 305ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 299ක්.

රුපියල් 341ක්ව පැවති, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය නොවී ඇති අතර, පවතින මිල ගණන්ම ක්‍රියාත්මකයි.

රුපියල් 289ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 283ක්.

රුපියල් 325ක්ව පැවති, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 313ක්.

රුපියල් 185ක්ව පැවති, භූමිතෙල් ලීටරයක මිල මිල සංශෝධනය නොවී ඇති අතර, පවතින මිල ගණන්ම ක්‍රියාත්මකයි.

එමෙන්ම, ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ මිල හා සමව සංශෝධනය කළ බවයි එම සමාගම සඳහන් කළේ.