හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේදී අද (01) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවය.
මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක කෙරෙන යතුරුපැදියේ පැදිකරු T -56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා.
