අධිකරණයේ විභාග වන නඩුවක සාක්ෂිකරුවකුට තර්ජනය කර සාක්ෂි ලබා නොදෙන ලෙස බලපෑම් කිරීමක් සම්බන්ධයෙන් යුධ හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙක් අපරාධයක වින්දිතයින්ගේ හා සාක්ෂිකරුවන්ගේ සහයක හා ආරක්ෂක පොලිස් කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාවතගම පදිංචිකරුවෙක් වන 49 හැවිරිදි මෙම හමුදා නිලධාරියා 57 වන සේනාංකයේ සේවයේ නිරත නිලධාරියෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
වෙරුගල් හී පදිංචි පදිංචිකරුවෙක් වන සාක්ෂිකරුවකුට තර්ජනය කිරීම සිදුව ඇතැයි පොලිසිය පවසනවා.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේත් කොළඹ මහාධිකරණයේත් විභාගවන නඩු දෙකකට අදාළ මෙම තර්ජනය කිරීම සිදුකර ඇතැයි එම කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසනවා.
