කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
ඒ යටතේ කොටුව දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත අතර ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 1395 කි.
ව්‍යාපෘතිය මාස 15ක කාලසීමාවක් තුළ නිමකිරීමට අපේක්ෂිත අතර මෙම ව්‍යාපෘතිය සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති අතර, සංවර්ධන වැඩකටයුතු මේ වසර අවසානයේ ආරම්භ කිරීමට නියමිත වෙයි.
ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කොළඹ කොටුව දුමිරිය ස්ථානය නවීකරණය කිරීමට නියමිත බව සඳහන් වේ.
