උණුසුම් කාලගුණික තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
අද (02) පස්වරු 2.00ට නිකුත්කර ඇති මෙම නිවේදනය හෙට (03) දිනය දක්වා වලංගුයි.
උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පවතින බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
වැඩ බිම් තුල ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, නිවෙස් තුළ වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිලිබඳ සැලකිලිමත් වෙන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම කුඩා ළමුන් වාහන තුල තනියම රඳවා නොයන ලෙසත් අධික වෙහෙසකාරී කටුයුතු සීමා කරන් ලෙසත් සෙවණ ඇති ස්ථාන වල රැඳෙන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබා දෙන්නේ.
