Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මධ්‍යම අධිවේගයේ මාරක අනතුරකින් දෙදෙනෙකු මරුට! අධිවේගයේ වැටත් කඩාගෙන පැනලා! (ඡායාරූප)

1 year ago

මධ්‍යම අධිවේගී මාර්ගයේ නාකුළුගමුව හා මීරිගම අතරදී ඉන්ධන බවුසරයක් සහ ලොරියන් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් එක් අයෙකු තුවාල ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය පවසනවා.

කිලෝමීටර 41.1 කොළඹට ගමන් ගන්නා මං තීරුවේදී මෙම රථ දෙක එකිනෙක ගැටීමෙන් බෑවුමට පෙරළී මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ ඉන්ධන බවුසරයේ සහායකයා සහ ලොරි රථයේ රියදුරු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුරින් මාර්ග සංවර්ධන අධිකාරියේ දේපළවලටද දැඩි හානි සිදුවී ඇති බවටයි වාර්තා වෙන්නේ.