රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අද (04) තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව, රෝහල් අධ්යක්ෂවරයාට එරෙහිව පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්වීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.
අද උදෑසන 8.00 සිට ඉදිරි පැය 24 සඳහා ද වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන අතර, හෙට (05) දිනයේදී ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
