Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 15ක් අත්අඩංගුවට

1 year ago

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවියන් පිරිසකට නවක වදය දුන් බව කියන සිසුවියන් 6 දෙනකු සහ සිසුන් 9 දෙනකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන අවුරුදු 24 ත් 26 අතර වයස්වල පසු වන සිසුන් පිරිසක්.

සැකකාරියන් සහ සැකකරුවන් 2021 සහ 2022 වසර වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් පිරිසකට නවක  වදය ලබා දී ඇතිබවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නවක වදය සම්බන්ධ පැමිණිලි විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.