සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතු සිදුකළ රුසියානු ජාතික කාන්තාවක් උණවටුන සංචාරක පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
29 හැවිරිදි වියේ පසුවන ඇය සංචාරක වීසා උල්ලංඝනය කර, උණවටුන ප්‍රදේශයේ සමාජ ශාලාවක් ආකාරයෙන් හෝටලයක් හා ආපන ශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් අදාළ රුසියානු කාන්තාව හෙට (05) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
