Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇල්ල බස් අනතුරට මුහුණදුන් කාන්තාවක් තවමත් අතුරුදන්

1 year ago

ඊයේ (04) රාත්‍රියේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කිලෝමීටර කණුව අසලදී සිදුවූ බිහිසුණු බස් අනතුරින් එම බස්රථයේ ගමන් ගත් කාන්තාවක් අතුරුදන්වී තිබේ.

මෙම අනතුරින් 15 දෙනෙකු මියගොස් තිබෙන අතර ඒ අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද සිටින බව පොලීසිය පවසනවා.

එමෙන්ම අනතුරින් මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරුද සිටින බව සඳහන්.

අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබුණි.