Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ළිඳක් පිරිසිදු කිරීමට ගිය පුද්ගලයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

1 year ago

බලංගොඩ මුල්ගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් කාලයක් වසා තිබූ ලිඳකට බැසීමට තැත්කිරීමේදී සිහිසුන්ව ලිඳ තුලට වැටී මිය ගොස් ඇත.

ඊයේ(05) උදෑසන එම පුද්ගලයා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමඟ කල්තොට පොලිස් වසමේ ගල්ටැම්යාය ප්‍රදේශයේ නිවසකට පැමිණ, නිවස ආසන්නයේ වසා දමා තිබූ ලිඳ නැවත භාවිතා කිරීමට හැකිවන පරිදි පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භකර ඇත.

ලිදෙහි ජලය ඉවත්කල පසු, මරණකරු ලිං පතුලේ රොන් මඩ ඉවත්කිරීම සඳහා ලිඳ තුලට බසිමින් සිටියදී සිහිසුන් ස්වභාවයට පත්ව ඇද වැටී ඇති බව අනාවරණය වී ඇත.

පොලිසිය සැක පළ කරන්නේ දීර්ඝ කාලයක් වසා තිබූ ළිද තුළ විශ වායු අන්තර්ගත වීමෙන් එම පුද්ගලයා සිහිසුන් වන්නට ඇති බවය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බලංගොඩ මුල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයකු බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කල්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.