Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ග්‍රෑන්ඩ්පාස්හි වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

1 year ago

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙක් මියගොස් තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර, තුවාල ලැබූ තැනැත්තා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩිතැබීම සඳහා රිවෝලවර් වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපල කරයි.