Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද වෙඩි තැබීම් හතරයි! මීගමුවේත්, පානදුරේත් වෙඩි තැබීම්!

1 year ago

වෙඩි තැබීම හේතුවෙන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැත.

මිහින්තලේ, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර ගනිමින්, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බව පොලිසිය තහවුරු කරයි.

මුදල් ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

වෙඩි තැබීම හේතුවෙන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති අතර එම වෙඩිල්ල වැදී ඇත්තේ ශීතකරණයකටයි.

පොලිසිය පවසන්නේ නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මිලිමීටර 9 වර්ගයේ පිත්තෝල ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.