අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ විසින් ගෙන්වන ලද මිද්දෙණියෙන් හමුවූ අයිස් මත්ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ බහාලුම් දෙක සහ මීට ඉහත ප්‍රශ්නගත ආනයනික බහාලුම් 323 අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ. වුට්ලර් මහතා පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද (06) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.
“2025 වසරේ කන්ටේනර් 323ක් නිදහස් කිරීම ගැන යම්කිසි මතයක් සමාජයේ ගියා. නමුත් මේ කන්ටේනර් දෙක ඊට සම්බන්ධ නැහැ. මොකද ඒ කන්ටේනර්වල අංක සමග අපි පරික්ෂා කරලා බැලුවා. ඒ කන්ටේනර් 323 සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණයක් පැවැත්වුවා. ඒ අනුගත වුණු අංකවලට පරිභාහිර වෙනත් කන්ටේනර් දෙකක්. ඒ නිසා ඒ කන්ටේනර් 323ට මේ කන්ටේනර් දෙක කිසිදු සබඳතාවක් නෑ.”
