Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇල්ල අනතුරෙන් මියගිය පිරිසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්

1 year ago

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මාරක රිය අනතුරින් දිවි අහිමි වූවන්ගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.

එහිදී මියගිය තංගල්ල නගර සභාවේ සේවකයින් දස දෙනෙකුගේ සිරුරු අද පෙරවරුවේ තංගල්ල නගර සභා ශාලාව වෙත රැගෙන ආවේ ඔවුන්ගේ ඥාතීන් ඇතුලු එහි පැමිණි බොහෝ දෙනෙකුගේ සෝ සුසුම් මධ්‍යයේයි.

තංගල්ල නගර සභාවේ සේවකයින් මෙන්ම ප්‍රදේශයේ විශාල පිරිසක් මෙම අනතුරින් දිවි අහිමි වූ තම හිත මිතුරන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි බවයි දක්නට ලැබුණේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක්ද අද පෙරවරුවේ තංගල්ල නගර සභා ශාලාවට පැමිණ දේහ වෙත අවසන් ගෞරව දක්වා තිබුණා.

අනතුරුව මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කර ආගමිකවතාවත් සිදුකරනු ලැබුවා.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුඛෝපබෝගී ජීප් රථයේ රියැදුරු ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ ඔහු, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරණු මොහු බුත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.