Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් පැවැත්වෙන දිනවල වේලාවන් දෙකකදී ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු අත්හිටුවයි

1 year ago

පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ  11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු  සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

ෙවැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ  අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය පවසන්නේ.

ඉහත සඳහන් කාලසීමාවන් තුළ  ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කරනු ලබන වාහන මාර්ගයේ ඉඩ ඇති ස්ථානවල නවතා තැබිය යුතුයි.

නැවත ප්‍රවාහන කටයුතු ආරම්භ කළ හැකි වන්නේ ඉහත වේලාවල්වලින් අනතුරුවයි.

පසුගිය 04 වැනි දින සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙම දැනුවත් කිරීම් සිදු කර තිබෙනවා.