තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය බවට සැක කරන ද්‍රව්‍ය තොගයක් අද (07) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.
ඒ අනුව, ලැබුණු තොරතුරකට අනුව තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්, නෙටොල්පිටිය, වැලිවෙන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක අද පෙරවරුවේ විශේෂ වැටලීමක් සිදු කර ඇති අතර, එහිදී මෙම තොගය සොයා ගෙන ඇති බව සඳහන්.
මෙම රසායනික ද්‍රව්‍ය, ඊයේ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක් පරීක්ෂා කිරීමේදී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යවලට බෙහෙවින් සමාන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
