මිද්දෙණියෙන් හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍යට සමාන රසායනික ද්‍රව්‍ය තොගයක් කදාන ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් බව පොලිසිය පවසනවා.
එමෙන්ම, තංගල්ල – නෙටොල්පිටිය ප්‍රදේශයේ පාළු ඉඩමකින් සොයාගත් කිලෝග්‍රෑම් 5000 කට අධික රසායනික ද්‍රව්‍ය තොගය මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් රසායනික ද්‍රව්‍යවලට යම් සබඳතාවක් ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
