කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර පීලි පැනීමකට ලක්ව තිබේ.
ඒ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
එම නිසා කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොස්ගම දක්වා පමණක් සීමා කර ඇත.
