Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිද්දෙණියේ ඉඩමෙන් පොලිස් ඇඳුම් සහ උපාංගත් හමුවෙයි

1 year ago

අයිස් රසායන අමුද්‍රව්‍ය තොගයක් වළදමා තිබූ මිද්දෙණිය, තලාව ඉඩම සෝදිසියේදී අද (08) වළදමා තිබූ පොලිස් ක්‍රීඩා ඇදුම්, පොලිස් ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන උපාංග සහ පොලිස් නිල ඇඳුමට සමාන රෙදි පිලි ආයිත්තම් රැසක් සොයාගෙන තිබෙනවා.

එම ඉඩමේ එවැනි රසායනද්‍රව්‍ය තොගයක් තිබී සොයාගෙන පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින අතර සෝදිසි කිරීම් සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් එම ඉඩමේ තිබී ජීව අත්බෝම්බ 5ක්, T- 56 අවියට යොදන ජීව පතරොම් 17 ක්, බෝර12 වර්ගයේ ජීව පතරොම් 2ක් සහ හිස් පතරොම් කොපුවක් පසුගිය 06 වැනිදා සොයාගත්තා.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ඉකුත් 30 දින මෙරටට ගෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ලෙස හදුනාගත් සැකකරුවන් පස් දෙනා සම්බන්ධව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශන මගින් අයිස් මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කිරීම සඳහා ආනයනය කරන ලද රසායනික අමුද්‍රව්‍ය තොගයක් වළදමා තිබෙන මිද්දෙණිය තලාව දකුණ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධව අනාවරණය වුණා.

මිද්දෙණිය‌ පොලිස් ස්ථානය මෙම හමුවූ දෑ පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති අතර ඒ් සම්බන්ධ වැඩිදුර විමර්ශන ආරම්භකිරීමට නියමිතය.