ඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් අදාළ බස් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, අද (10) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
පසුගියදා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වැනි කිලෝමීටර් කණුව අසලදී සිදුවූ අදාළ බස් අනතුරින් 15 දෙනෙක් මියගොස්, තවත් 18 දෙනෙක් තුවාල ලබා තිබුණා.
