ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරී අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න සැප්තැම්බර් 24 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජූලි මස 28 වනදා අත්අඩංගුවට ගැනුණි.
