Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ! ඇමෙරිකානු ධජ අඩකුඹු කිරීමට නියෝගයක්!

1 year ago

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සගයෙකුවන අමෙරිකානු දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු සහ විචාරක 31 හැවිරිදි චාලි කර්ක් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උටා (Utah) විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී ගෙලට මාරාන්තික වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙනුයි ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

වෙඩික්කරු වහලයක සිට වෙඩි තබන්නට ඇති බව බලධාරීන් සඳහන් කර ඇති අතර, උත්සවයට 3,000ක පමණ පිරිසක් රැස්ව සිටි බවට සඳහන්.

විශ්ව විද්‍යාල පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජෙෆ් ලෝන්ග් පැවසුවේ, උත්සවය සඳහා නිලධාරීන් හය දෙනෙකු සිටි බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළ තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වන චාලී කර්ක් එරට විශ්වවිද්‍යාලවල එළිමහන් විවාද පැවැත්වීම සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලයි.

31 හැවිරිදි වියේ පසු වූ චාලි කර්ක්ගේ ඝාතනය පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය සංවේගය පල කර තිබේ.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ ධජ ලබන ඉරිදා සවස 6.00 වන තෙක් අඩකුඹු කිරීමට ද ජනාධිපතිවරයා නියෝග කර ඇති බව වාර්තා වේ.