සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් තිබු ටැංකියක ඊයේ පස්වරුවේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවීමේ හමුදාවේ ගිනි නිවන රථ 07ක් ඇතුළු ගිනිනිවීමේ රථ කිහිපයක් යොදා ගෙන තිබුණි.
ගින්න මැඩපැවැත්වීම සඳහා පැය කිහිපයක් ගත විය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අද (11) දිනයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබේ.
