පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාවක් දියත් කළා.
ඒ අමාත්‍ය බිමල් රත්නායක විසින් “ලපයි සිපයි” යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟයි.
විරෝධතාවය දක්වමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ අදාළ වචනය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසයි.
ඉන් අනතුරුව කතානායකවරයා කියා සිටියේ හැන්සාඩ් වාර්තාවෙන් එම වචනය ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
විනාඩි කිහිපයක් තිස්සේ පාර්ලිමේන්තුවේ සභාගර්භය මැද පැවැති විරුද්ධ පක්ෂයේ උද්ඝෝෂණයට දයාසිරි ජයසේකර ,ගයන්ත කරුණාතිලක, හෙක්ටර් අප්පුහාමි, රාමනාදන් අර්චුනා කාවින්ද ජයවර්ධන, මුජිබර් රහුමාන්,හර්ෂණ රාජකරුණා ,අජිත් පී. පෙරේරා ,කීත් නෙල්සන්, රෝහණ බණ්ඩාර ,නලින් බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, චමින්ද්‍රාණි කිරිඇල්ල ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වුණා.
