නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 29.5 කට අධික මුදලක් පාඩු කළ බවට එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් එම අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු අධ්‍යක්ෂ (ඉඩම්) අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, ඒ කොළඹ 05, මයුර පෙදෙසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩමක් තාවකාලික බදු පදනම මත ලබා දීමේදී රජයට රුපියල් 29,519,666.16 ක මුදලක් පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් බවයි එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ විශ්‍රාමික හිටපු අධ්‍යක්ෂ ජනරාල් සම්පත් සුමේධ පුජිත රත්නායක සහ විශ්‍රාමික හිටපු අධ්‍යක්ෂ (ඉඩම්) හා අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති කොස්වත්ත ලියනගේ වීරවංශ පෙරේරා යන සැකකරුවන්.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම කොමිසම නිකුත් කල නිවේදනයේ සඳහන්.
