Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇල්ල – වැල්ල­වාය මාර්ගයේ අනතුර සිදුවූ ස්ථානයට පස් බැම්මක්

1 year ago

ඇල්ල – වැල්ල­වාය ප්‍රධාන මාර්ගයේ දී ජීවිත 15ක් බිලි­ගත් බස් රථ අන­තුර සිදුවූ ස්ථානයේ ආර­ක්ෂිත පස් බැම්මක් ඊයේ (10) වන විට ඉදි­කර තිබේ.

මෙම ස්ථානයේ මෙයට පෙරත් අන­තුරු කිහි­ප­යක් සිදුවී ජීවිත රැසක් අහිමි වී ඇති බැවින් තව­දු­ර­ටත් අන­තුරු සිදු­වීම වළක්වා ගැනී­මට ආර­ක්ෂිත පස් බැම්මක් ඉදි­කි­රී­මට මාර්ග සංව­ර්ධන අධි­කා­රිය කට­යුතු යොදා ඇත.

මෙම මාරක රිය අන­තු­රින් පසුව ඌව පළාතේ රාජ්‍ය ආය­තන 28ක ප්‍රධා­න­ත්ව­යෙන් ඌව පළාත් ආණ්ඩු­කා­ර­වර නීතිඥ කපිල ජය­සේ­කර මහ­තාගේ උප­දෙස් මත පැවති මාර්ග ආර­ක්ෂාව පිළි­බඳ කමිටු රැස්වී­මේදී ගත් තීර­ණ­යක් මෙසේ ක්‍රියා­වට නංවා තිබේ.