රතු නිවේදන නිකුත් කර සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයන් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඒ අනුව, එම පාතාල සාමාජිකයන් ඒ ඒ රටවල නීතිමය කටයුතු අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා විදේශගතව සැඟවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
