Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ථ වෙයි

1 year ago

කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ථ වී තිබෙනවා.

කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ පිහිටි කතෝලික සභාවට අයත් ඊව්නින් ස්ටාර්ස් නැමැති විශ්‍රාමික නිවහනේ සිටියදී උන්වහන්සේ ස්වර්ගස්ථ වී ඇති බවයි ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ.

ස්වර්ගස්ථ වනවිට 85 වන වියෙහි පසුවූ උන්වහන්සේ, මෙරට කතෝලික සභාව සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය අතර යහපත් සබඳතාවක් පවත්වාගෙන යාමට කටයුතු කළා.