Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිහිසුණු රිය අනතුරක්! පෙර පාසල් ළමුන් ඇතුළු 7කට තුවාල

1 year ago

අද(12) උදෑසන හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පෙර පාසල් සිසුන් 6 දෙනෙකු සහ ගුරුවරුයෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

පොලිසිය පවසන පරිදි, ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදයේ අනාරක්ෂිත ලෙස සවි කර තිබූ අමතර කොටසක් මෝටර් රථයේ ගැටීම අනතුරට හේතුව වී තිබෙනවා.

මෝටර් රථය ධාවනය කළ කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවද නෝර්වුඩ් පොලීසිය වැඩිදුරටත් පවසනවා.

රෝහල් ගත කළ 07 දෙනාගෙන් එක් දරුවෙකු හැර අනෙක් 06 දෙනා රෝහලේ භාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.