දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහේස්ත්‍රාත් නියෝග කළා.
අදාළ නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරය මගින් සැකකාර අමාත්‍යවරයා අධිකරණය වෙතට ඉදිරිපත් කෙරුණා.
අරගලය සමයේ ගිනි තබන ලද, රජයේ ඉඩමක ඉදිකර තිබුණු නිවසකට අදාළව, වෙනත් පුද්ගලයෙකු හරහා වන්දි ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අල්ලස් කොමිසම මගින් ඉකුත් අගොස්තු 06 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ කිරිඉබ්බන්වැව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00 ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලද බවට වන චෝදනාව යටතේයි.
