ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුරින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (12) ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 41 හැවිරිදි තංගල්ල නගර සභාවේ සේවිකාවක් බවය.
එම මරණයත් සමඟ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 16ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය සැප්තැම්බර් මස 4 වන දා රාත්‍රීයේ මෙම අනතුර සිදුවිය.
