නේපාල නව අන්තර්කාලීන රජයේ අගමැතිනිය ලෙස, එරට හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව ඇය එරට පළමු අගවිනිසුරුවරිය මෙන්ම පළමු අග්‍රාමාත්‍යවරිය ද වෙනවා.
එරට Gen Z විරෝධතාකරුවන් සහ ජනාධිපතිවරයා සහ ප්‍රධාන හමුදා නිලධාරියා අතර ඇති වූ එකඟතාවකින් පසුව මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.
ඇගේ මූලිකත්වයෙන් කුඩා කැබිනට් මණ්ඩලයක් පත්වීමට නියමිත අතර ෆෙඩරල් පාර්ලිමේන්තුව මෙන්ම පළාත් පාර්ලිමේන්තු හතම විසුරුවා හැරීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
මේ අනුව එළැඹෙන මැතිවරණය තෙක් එරට භාරකාර රජයේ ප්‍රධානියා ලෙස හිටපු අගවිනිසුරුවරිය කටයුතු කරනු ඇත.
