අසාධාරණයට ලක් වූ ගුරු සංවර්ධන නිලධාරීන් 16600කගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ බවත් විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා.
ඵම ගැටලුව මතු කළ අවස්ථාවේදී රජය ප්‍රකාශ කළේ එය ජාතික වශයෙන් වැදගත් නොවන ප්‍රශ්නයක් බවත් ද සජිත් ප්‍රේමදාස පවසනවා.
පසුගිය රජයෙන් 2020 දී උපාධිධාරීන් 53000ක් බඳවා ගෙන 22000ක් ගුරුවරුන් ලෙස නිදහස් අධ්‍යාපනය සවිමත් කරන්න යොමු කළ බවත් කොරෝනා වසංගතයේ අපහසුතා මැද මේ අය විශිෂ්ට සේවාවක් ඉටු කළත් මේ අයගෙන් ගත හැකි උපරිම වැඩ අරගෙන දැන් අතහැර දමා ඇති බවත් සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (13)කොටුව දුම්රිය පොළ අසලදී උද්ඝෝෂණයේ නිරත ගුරු සංවර්ධන නිලධාරීන් හමුවීමට ගිය අවස්ථාවේ දී ය.
සමගි ජන බලවේගය බලයේ සිටියා නම් මේ ගැටලුවලට විසදුම් ලබා දෙන බවත් මේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසුවා.
එම පිරිස වෙනුවෙන් එදත් අදත් හෙටත් සමගි ජන බලවේගය පෙනී සිටින බවද සජිත් ප්‍රේමදාස සදහන් කරනවා.
