ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවින් සුරියආරච්චි මහතා අභාවප්ප්‍රප්ත වී ඇත.
ඒ මහතා පැවති අසනීප තත්වය හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (12) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඔහු පත්වීම් ලැබුවේ 2024 නොවැම්බර් 26 දිනයි.
කීර්තිමත් බැංකුකරුවෙකු වන නවීන් සූරියආරච්චි මහතා මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර, කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ඇත. වසර 40 කට අධික කාලයක් බැංකු ක්ෂේත්රයේ කටයුතු කර තිබු ඒ මහතා කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළ තනතුරු රැසක් දරා ඇති අතර සණස සංවර්ධන බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබේ.
